මනුෂ්‍ය ඝාතන: සැකකරුවන් 2ක් කොටු

මනුෂ්‍ය ඝාතනවලට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 05-10-2022 | 9:22 AM

COLOMBO (News 1st) - මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු කොළඹ සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් පසුගිය 28 වැනි දා ග්‍රැන්ඩ්පාස් නව කැලණි පාලම අසළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් බවයි.

සැකකරුවන් සන්තකයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, අංක තහඩු වෙනස් කළ යතුරුපැදියක් හා ජංගම දුරකතන 4 ක් පොලීසිය භාරයට ගෙන ඇත.

පොලීසිය ප්‍රකාශ කළේ, එක් සැකකරුවෙකු ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ද වන බවයි.

29 හා 32 හැවිරිදි සැකකරුවන් අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.