ගම්මැද්ද ගෙයින් ගෙට 6වන අදියර අද සිට..

ජනතා ගැටලු සොයා යන ගම්මැද්ද ගෙයින් ගෙට 6වන අදියර අද සිට ක්‍රියාත්මකයි..

by Staff writer 05-10-2022 | 6:00 AM

COLOMBO (News 1st) - ජනතා ගැටලු සොයා යන මහජන ක්‍රියාන්විතය ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියර අද (05) ආරම්භ වේ.

යාපනය, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය කරමින් අද (05) ගම්මැද්ද කණ්ඩායම් ජනතා ගැටලු සොයා සංචාරය කරනු ඇති.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහාය ද මීට හිමිවනු ඇත.

ගම්මැද්ද, අද වනවිට රටේ ලොකු කුඩා කවුරුත් හඳුනන්නේ ගමට වැඩක් කරන රට නගන ජන පවුර ලෙසය. 

ජනතාව සමග ජනතාව උදෙසා ගම්මැද්ද ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ සැබෑ අවශ්‍යතා සොයා බලමිනි.