ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 05-10-2022 | 5:53 AM

1. පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට.. - පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ. 

2. ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියර හෙට සිට.. - ගම්මැද්ද ජනතාව වෙනුවෙන් තවත් පියවරක් තැබුවේ ය.

3. CID අධ්‍යක්ෂකට ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවේ පෙනි සිටින්නැයි දැනුම්දීමක් - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාට ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවෙ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ. 

4. වසන්ත මුදලිගේගේ ආරක්ෂාව තහවුරු කරන්න – මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට උපදෙස්.. - දැනට රැඳවුම් භාරයේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ ජිවිත ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතු බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි. 

5. තිරිඟු පිටි මිල ඉහළට.. - ප්‍රධාන සමාගම් දෙකම තිරිඟු පිටි මිල ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.