ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි

කොමිස් ගැටලුව අවසන්: ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි

by Staff writer 05-10-2022 | 6:04 AM

COLOMBO (News 1st) - අද (05) සිට සාමාන්‍ය පරිදි ඉන්ධන ඇණවුම් කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 

එහි ලේකම් කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ, කොමිස් මුදල් ගැටලුව විෂයභාර අමාත්‍යවරයා විසින් ඊයේ දිනයේදී විසඳු බවය. 

ඒ අනුව සෑම පිරවුම්හලකම සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම අද සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. 

මේ අතර ඊයේ(04) උදෑසන වනවිට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇතැම් සිපෙට්කෝ පිරවුම්හල්වල ඉන්ධන තිබුණේ නැත.

ඉන්ධන පැවති සිපෙට්කෝ සහ අයි.ඕ.සී පිරවුම්හල්වල තරමක් දිගු පෝලිම් දක්නට ලැබුණි.