උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

by Staff writer 05-10-2022 | 6:22 AM

COLOMBO (News 1st) - දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, වැල්ලව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමෙන් ඊයේ(04) රාත්‍රි උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගත් බවයි.

අද (05) අලුයම දුම්රිය පීලිගත කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඊයේ රාත්‍රි එලෙස පීලි පැනීමට ලක්වූයේ අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකි.