අඩු කළ පසු ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

අඩු කළ පසු ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

by Staff writer 05-10-2022 | 11:48 AM

COLOMBO (News 1st) - කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් පහළ දමා තිබේ.

ඒ අනුව, එහි නව මිල රුපියල් 4,280 කි. 

මීට අමතරව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 107 කින් පහළ දමා තිබේ.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,720කි. 

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර්වල මිල රුපියල් 48 කින් පහළ දමා ඇත.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 800කි. 

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදීය.