English
தமிழ்
කර්තෘ Staff writer
05 Oct, 2022 | 4:58 pm
COLOMBO (News 1st) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා අභියාචනාධිකරණය අද (05) රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සිතාසි නිකුත් කළේ ය.
ඒ , ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.
නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔහුට සිතාසි නිකුත් කළේ ය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ඉකුත් අගෝස්තු මස 23 වැනිදා වග උත්තරකාර නිශාන්ත මහතා කළ ප්‍රකාශයකින් මහේස්ත්‍රාත්වරුන්ගේ ඇප ලබාදීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කර ඇති බවයි.
ඇප ලබාදීමේ ක්‍රියාවලිය නිසා නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙන බවට ඔහු විසින් අවධාරණය කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙය අධිකරණයට සිදු කළ බරපතල අපහාසයක් බවත් අවධාරණය කළේ ය.
ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සෑහීමකට පත්වූ විනිසුරු මඩුල්ල වගඋත්තරකාර සනත් නිශාන්ත මහතාට ඔක්තෝම්බර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කරනු ලැබුවේ ය.
එම චෝදනාව සම්බන්ධයෙන්ම තවත් නීතිඥවරු දෙදෙනෙකු විසින් ගොනු කළ පෙත්සම් දෙකක්ද ඔක්තෝබර් මස 13 වැනිදා කැඳවීමට නියමිත ය.
එම පෙත්සම්වලට අදාළව ද සනත් නිශාන්ත මහතාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් දැනටමත් සිතාසි නිකුත් කර තිබේ.
29 Nov, 2023 | 12:52 PM
29 Nov, 2023 | 06:18 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS