
මනුෂ්‍ය ඝාතනවලට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනවලට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු කොළඹ සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් පසුගිය 28 වැනි දා ග්‍රැන්ඩ්පාස් නව කැලණි පාලම අසළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් බවයි.
සැකකරුවන් සන්තකයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, අංක තහඩු වෙනස් කළ යතුරුපැදියක් හා ජංගම දුරකතන 4 ක් පොලීසිය භාරයට ගෙන ඇත.
පොලීසිය ප්‍රකාශ කළේ, එක් සැකකරුවෙකු ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ද වන බවයි.
29 හා 32 හැවිරිදි සැකකරුවන් අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්