CID අධ්‍යක්ෂකට දැනුම්දීමක්..

CID අධ්‍යක්ෂකට ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවේ පෙනි සිටින්නැයි දැනුම්දීමක්..

by Staff writer 04-10-2022 | 7:15 PM

COLOMBO (NEWS1ST): අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාට ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවෙ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ. 

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ දුරකතනය අනවසරයෙන් සවන් දී ඇතැයි මන්ත්‍රීවරයා කළ පැමිණිල්ලකට අදාළව කෙරෙන විමර්ශනයකට අදාළවයි. 

මන්ත්‍රි වරප්‍රසාද කඩ කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන බව, එහි සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.