භෞතික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් 3කට..

2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් 3කට..

by Staff writer 04-10-2022 | 7:31 PM

COLOMBO (NEWS1ST): 2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබේ. 

ඒ , ඇලන් ඇස්පෙක්ට්, ජෝන් එෆ්. ක්ලෝසර් සහ ඇන්ටන් සයිලින්ගර්ටයි. 

ඔවුන් තිදෙනා පිළිවෙන් ප්‍රංශ, අමෙරිකානු හා ඔස්ට්‍රියානු ජාතිකයින් වේ.

නොබෙල් ත්‍යාගය හිමිව ඇත්තේ, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳව සිදු කළ අත්හදා බැලීම් සම්බන්ධවයි.