හර්ෂගෙන් හිස් වූ කෝප් කමිටුවේ පුටුව චරිත හේරත්ට

හර්ෂ ද සිල්වාගෙන් හිස් වූ කෝප් කමිටුවේ පුටුව චරිත හේරත්ට

by Staff writer 04-10-2022 | 11:09 AM

COLOMBO (News 1st)  - කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, අද (04) පාර්ලිමේන්තුවේදීය.

සමගි ජන බලවේගය විසින් අදාළ කාරක සභාවට නම් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇති බැවින් චරිත හේරත් මහතා ඊට නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසුවේ ය.