සේවා 3ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ..

සේවා 3ක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

by Staff writer 04-10-2022 | 8:28 AM

COLOMBO (News 1st) - සේවා 3 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

ඒ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.

මේ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරනු ලැබ තිබේ.