මුදලිගේගේ ආරක්ෂාව තහවුරු කරන්න..

වසන්ත මුදලිගේගේ ආරක්ෂාව තහවුරු කරන්න - මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට උපදෙස්..

by Staff writer 04-10-2022 | 6:43 PM

COLOMBO (NEWS1ST): දැනට රැඳවුම් භාරයේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ ජිවිත ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතු බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි. 

කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සඳහන් කළේ, පොලීසිය වගකීමෙන් කටයුතු කළ යුතු බවට පොලිස්පතිට උපදෙස් දී සිටින බවය. 

සියලුම පුද්ගලයින්ට නීතියේ සමාන ආරක්ෂාව හිමිවී ඇති අතර දේශපාලන මතය මත කිසිදු පුරවැසියෙකු වෙනස්කොට සැලකීම නොකළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි. 

මාධ්‍යවල පලවූ තොරතුරු පදනම් කර ගනිමින් පොලිස්පතිවරයා වෙත එම උපදෙස් නිකුත් කළ බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළේ ය.