බඩ ඉරිඟු ආනයනයට අවසර

බඩ ඉරිඟු ආනයනයට අවසර

by Staff writer 04-10-2022 | 10:16 AM

COLOMBO (News 1st) - බඩ ඉරිඟු ආනයනයට අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ අනුව ඉන්දියාවෙන් බඩ ඉරිඟු මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ විසි පන්දහසක් ආනයනයට අවසර දී ඇති බවයි.

එම අවසරයට යටත්ව මේ වන විටත් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයකට අධික තොගයක් මෙරටට ආනයනය කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ, එම තත්ත්වය තුළ සත්ත්ව ආහාර මිල ගණන් යම් ප්‍රමාණයකින් හෝ අඩු වනු ඇති බවයි.

ඉන්දියාවේ බඩ ඉරිඟු මිල ඉහළ අගයක පැවතීම හමුවේ ආනයන අවසර දී තිබුණ ද ආනයනය ප්‍රමාද වූ බව අමාත්‍යවරයා පැවසුවේ ය.