මෙරට ලක්ෂ 5 කට ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් නැහැ

පුද්ගලයින් ලක්ෂ 5 කට ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් නැහැ - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

by Staff writer 04-10-2022 | 6:32 AM

COLOMBO (News 1st) - පුද්ගලයින් ලක්ෂ 5කට පමණ මේ වනතෙක් ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, අදාළ කාඩ්පත් මෙරට නොමැති වීම හේතුවෙන් ඔවුන්ට තාවකාලික රියැදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කර ඇති බවයි.

මේ වනවිට අදාළ කාඩ්පත් ලක්ෂ 10ක් පමණ ඇණවුම් කර ඇති අතර එහි ලක්ෂ 5ක කාඩ්පත් පළමු තොගය මේ මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ ය.

ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 43කි.