දිස්ත්‍රික්ක 3කට යූරියා පොහොර පළමු තොගය බෙදා හැරේ

දිස්ත්‍රික්ක 3කට යූරියා පොහොර පළමු තොගය බෙදා හැරේ

by Staff writer 04-10-2022 | 7:07 AM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 3 කට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 175,000ක පළමු තොගය බෙදා හැරි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ, මහ කන්නයේ බඩඉරිඟු වගාව වෙනුවෙනි.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මොණරාගල, කුරුණෑගල හා අනුරාධපුරය යන දිස්ත්‍රික්ක 3කට යූරියා බෙදා හැරීම මේ වනවිට ආරම්භ කළ බවය.

ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත කොමර්ෂල් පොහොර සමාගම විසිනි.

මේ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, ඇතිමලේ හා දඹගල්ල ප්‍රදේශවල බඩඉරිඟු වගාව සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රදේශයට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ, ගලෙන්බිඳුණුවැව හා යකල්ල ප්‍රදේශවලට යූරියා මෙට්‍රික් ටොන් 75,000ක් ද වශයෙන් මේ වනවිට බෙදා හැර ඇතැයි සඳහන් වේ.