ඩීසල්,බොරතෙල් නෞකා 02කට මෙතෙක් මුදල් ගෙවා නැහැ

ඩීසල් සහ බොරතෙල් නෞකා 02කට මෙතෙක් මුදල් ගෙවා නැහැ - විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය

by Staff writer 04-10-2022 | 6:20 AM

COLOMBO (News 1st) - මෙරටට සේන්දු වූ ඩීසල් සහ බොරතෙල් නෞකා 2 කට මේ වනතෙක් මුදල් ගෙවා නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, එම ඩීසල් නෞකාවේ මෙට්‍රික් ටොන් 40,000ක් සහ බොරතෙල් නෞකාවේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් අඩංගු බවය.

මීට අමතරව තවත් ප්‍රෙටල් මෙට්‍රික් ටොන් 37,000 ක් රැගෙන පැමිණ නොකාවේ තොග ගොඩබෑම ඊයේ (03) අවසන් කර තිබේ.

තවත් ගුවන්යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් එකොලොස් දහසක් සහිතව මෙරටට ළඟා වූ නොකාවේ තොග මේ වනවිට ගොඩබාමින් ඇතැයි ද විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.