ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 04-10-2022 | 6:06 AM

1. හෙට උදේ 8 සිට ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත් වෙනවා – ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය -  අද (04) උදෑසන 8.00 සිට දිවයින පුරා ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර ති‌බේ.

2. ලිට්‍රෝ ගෑස් මිල ලබන 5 වැනිදා සිට පහළට - ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ලබන 05 වැනි බදාදා මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. 

3. තඹුත්තේගම මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන වීර ක්‍රියාවක් කළ පොලිස් සැරයන්ට උසස්වීමක් - තඹුත්තේගමදී බැංකු කොල්ලකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ.බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබේ. 

4. කොප් සහ කෝපා කමිටුවලට මන්ත්‍රීවරු නම් කෙරේ. චරිත හේරත්ගේ නම හැලේ - පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා නම් කළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරිණ. 

5. අර්බුදය ජය ගැනීමට සහය වනවා.. නමුත් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස තිබිය යුතුයි – යුරෝපා කොමිසම - අදහස් ප්‍රකාශ කිරීම හා රැස්වීමේ නිදහස මෙන්ම මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීමේ අත්‍යවශ්‍යව පවතින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩලේ මහත්මිය පවසයි.