ගෑස් සිලින්ඩරයක මිල රු. 200 - 300 කින් පහත දමනවා

ගෑස් සිලින්ඩරයක මිල රු. 200 - 300 කින් පහත දමනවා - ලිට්‍රෝ සමාගම

by Staff writer 04-10-2022 | 12:25 PM

COLOMBO (News 1st) - ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, නව මිල ගණන් හෙට (05)  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බවය.

සංශෝධිත නව මිල ගණන් හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ද ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය.