ලෝක ජනාවාස දිනය අදයි..

ලෝක ජනාවාස දිනය අදයි..

by Staff writer 03-10-2022 | 6:53 AM

COLOMBO (News 1st) – ලෝක ජනාවාස දිනය අදට(03) යෙදී තිබේ. 

සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳුදා ලෝක ජනාවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළේ 1986 වසරේ සිටයි.

වෙනසක් නොකරමු - කිසිවෙක් කිසිතැනක අත්නොහරිමු යන්න මෙවර එහි තේමාව වී තිබේ. 

ලෝක ජනාවාස දිනයේ ප්‍රධාන උත්සවය අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරගලියහ මන්දිරයේදී අද පැවැත්වෙයි. 

මේ අතර,  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සූරියාරච්චි මහතා පැවසුවේ, පැවැති කොවිඩ් අර්බුදය හා මෙරට වත්මන් වාතාවරණය හමුවේ පසුගිය කාලය තුළ මෙරට නිවාස සම්බන්ධයෙන් නිසි සංගණනයක් කිරීමට නොහැකි වූ බවයි.