ලිට්‍රෝ ගෑස් මිල ලබන 5 වැනිදා සිට පහළට

ලිට්‍රෝ ගෑස් මිල ලබන 5 වැනිදා සිට පහළට

by Staff Writer . 03-10-2022 | 2:50 PM

COLOMBO (News 1st) –  ගෘහස්ථ ලිට්‍රෝ  ගෑස් සිලින්ඩරයක මිල ලබන 05 වැනි බදාදා මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. 

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරීස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව මිල අඩු කරන බවයි.

සෑම මසකම 05 වැනිදා මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ  සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන අතර, පසුගිය සැප්තැම්බර් 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දැමිය. 

ඒ අනුව, කිලෝග්‍රෑම් 12 .5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,551 ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,827 කි. 

කිලෝග්‍රෑම් 2 . 3 ලිට්‍රෝ  ගැස් සිලින්ඩරයක් මේ වන විට අලෙවි කෙරෙන්නේ, රුපියල් 848 ක මිලකටයි.