ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 03-10-2022 | 6:39 AM

දේශීය පුවත්

1.ශ්‍රී ලංකාව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට.. – ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.  

2.දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය මත පැනවූ බදු ඉවතට.. – දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය මත පනවා ඇති බදු ඉවත් කර තිබේ.  

3.දංඕවිට වෙඩි තැබීමකින් 29 හැවිරිදි කාන්තාවක් මරුට – ඊයේ(02) අලුයම දංඕවිට ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. 

4.විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාවලට ඊ චැනලින් පද්ධතියක්.. – විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාල අංශයේ සත්‍යාපන සේවා කටයුතු වෙනුවෙන් ඊ චැනලින් පද්ධතියක් හඳුන්වා දී තිබේ. 

5.මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 93,000 ක් – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව – මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 93,000 ක් පමණ ලැබී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

6.බස් ගාස්තුවේ අඩුවක් නෑ – බස් සංගම්: පෙට්‍රල් මිල අඩු වුණත් ආහාර මිල ගණන්වල අඩුවක් නැහැ – ආපන ශාලා හිමියන්ගේ සංගමය– ඩිසල් මිල ගණන්වල කිසිදු අඩුවක් සිදුවී නොමැති බැවින් මෙම අවස්ථාවේ කිසිදු ආකාරයකින් බස් ගාස්තු අඩු කිරීමක් නොකරන බව බස් සංගම් පවසයි. 

විදෙස් පුවත්

1. ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර සිදු වූ තෙරපීමකින් 127ක් මරුට – ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර, පාපන්දු තරගයක් අතරතුර සිදු වූ තෙරපීමකින් 127 දෙනෙකු මියගොස් තිබේ.