කොප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත්ගේ නම හැලේ...

කොප් සහ කෝපා කමිටුවලට මන්ත්‍රීවරු නම් කෙරේ. චරිත හේරත්ගේ නම හැලේ...

by Staff writer 03-10-2022 | 12:13 PM

COLOMBO (News 1st) – පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා නම් කළ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරිණ. 

ඒ කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා විසිනි. 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා නැවතත් අවධාරණය කළේ, මෙම කාරක සභාවල සභාපතිකම් විපක්ෂයට හිමි විය යුතු බවයි.

මෙවර කෝප් කමිටුව සඳහා නම්කළ මන්ත්‍රීවරුන් අතරට කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත් හේරත් නම් කර නොමැත. 

 මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මෙවර එම කමිටුවෙන් ඉවත්කර තිබේ. 

ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ චරිත හේරත් මහතා මේ වනවිට අසුන්ගන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙසයි.

තමන් අනුමාන කළ ආකාරයටම මාස දෙකක පමණ කාලයක් ප්‍රමාද වී ප්‍රකාශයට පත්කළ ලැයිස්තුවෙන් තම නම ඉවත්කර ඇති බව මේ සම්න්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ට්විටර් පණිඩයක් නිකුත්කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.  

දූෂිත ක්‍රමයට පක්ෂව සිටින හොරු සහ ඩීල්කාරයින් දවකට ජයගෙන ඇතැයි, පවසන මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කර ඇත්තේ ආර්ථික අපරාධ පිටුපස සිටි අයට අවශ්‍ය වූයේ තමන් ඔවුන්ගේ මාර්ගයෙන් ඉවත් කිරීම බවයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව ලැජ්ජා වන බව ද ඔහු සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.