ඉදිකිරීම්වලට රු. බිලියන 150ක් රජයෙන් අයවිය යුතුයි.

ඉදිකිරීම්වලට අදාළව රු. බිලියන 150 ක් රජයෙන් අයවිය යුතුයි- ජාතික ඉදිකිරීම් සංගමය

by Staff writer 03-10-2022 | 8:34 AM

COLOMBO (News 1st) – පසුගිය කාලය තුළ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව රුපියල් බිලියන 150 ත් 200 අතර මුදලක් රජයෙන් අයවීමට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

එහි සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, වසරක පමණ කාලයක සිට එම මුදල් ලැබීම ප්‍රමාදවී ඇති බවයි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඔවුන් සම්බන්ධයෙන් සහන ගෙවීම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.