රෝඩ් සේෆ්ටි ශූරතාවය ඉන්දීය ලෙජන්ඩ්ස්ට

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පරාජය කළ ඉන්දීය ලෙජන්ඩ්ස් දෙවන වරටත් රෝඩ් සේෆ්ටි ශූරතාවය දිනාගනී..

by Staff writer 02-10-2022 | 7:35 AM

COLOMBO (News 1st) - ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම දෙවන වරටත් රෝඩ් සේෆ්ටි ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව, රායිපූර් හී දී පැවති තරගය ලකුණු 33කින් ජය  ගනිමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 195 ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 162ක් පමණි.