මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 93,00ක්

මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 93,000 ක් - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

by Staff writer 02-10-2022 | 8:38 AM

COLOMBO (News 1st) - මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 93,000 ක් පමණ ලැබී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ,ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ,  ඒ අතරින් 45,000 කට ආසන්න සිසුන් පිරිසක් මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන බවය.

ඒ අනුව වෛද්‍ය පීඨවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 2,035 කට ආසන්න පිරිසකි.

සිසුන් 2,238කට ආසන්න ප්‍රමාණයක් ඉංජිනේරු පීඨ සඳහා බඳවා ගැනීමට නියමිතය.

2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිපල අනුව සිසුන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.