විදුලි කප්පාදු කාලයේ වෙනසක් නැහැ

නොරොච්චෝල තුන්වැනි ජනන යන්ත්‍රය හැදුවත් විදුලි කප්පාදු කාලයේ වෙනසක් නැහැ - මහජන උපයෝගිතා කොමිසම

by Staff writer 02-10-2022 | 8:34 AM

COLOMBO (News 1st) - කාර්මික දෝෂයකට ලක්ව තිබූ නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අලුත් වැඩියාවෙන් පසුව යළි ජාතික පද්ධතියට එක් කළ ද, විදුලි කප්පාදු කාලසිමාවේ අඩුවක් සිදු නොවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුව ඉදිරියටත් පවත්වා ගැනීමට සිදු වනු ඇති බවයි.

මේ අතර ඉන්ධනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ඉහළ යාමත් සමග ආරම්භ කළ පිරවුම්හල්  ආශ්‍රිත පොම්ප පරික්ෂා කිරිම් අඛණ්ඩව සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.