.webp)
ඒ, අදාළ ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5 ත් මීටර 3 ත් දක්වා ඉහළයාම හේතුවෙන් ය.
ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල කටයුතු කිරීමේදී අවදානයෙන් පසුවන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 ත් 2.5 ත් දක්වා ඉහළ යා හැකියි.
ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි වේ.
මේ අතර, බස්නාහිර, සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100ක පමණ වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල, උතුරු මැද සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර 55 ක පමණ තද සුළං ඇතිවිය හැකි ය.