.webp)
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතයි.
ඒ අනුව 15%ක රේගු ආනයන බද්ද, 10%ත් 15%ත් අතර පැවති සෙස් බද්ද සහ 10% ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද අමුද්‍රව්‍ය 5ක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර තිබේ.
දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශුන්‍ය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ට ද ශුන්‍ය අනුපාත වැට් බද්දේ ප්රතිලාභ හිමියි.
මෙම බදු සහනයත් සමග සනීපාරක්ෂක තුවා 10 ක් සහිත පැකැට්ටුවක මිල රුපියල් 50 ත් 60 ත් අතර මිලකින් අඩුවීමට නියමිත ය.
ඒ අනුව, එහි උපරිම සිල්ලර මිල රුපියල් 260 ත් 270 ත් අතර මිලක් දක්වා පහළ යනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
නිෂ්පාදකයින් එම අමුද්‍රව්‍ය ආනයනයේදී අදාළ බදු සහන ලබා ගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ ලබාගත යුතු බැවින් ඊට අදාළ වැඩපිළිවෙළ ද මේ වනවිට ක්‍රියාත්මක වේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම සියලු ප්රතිලාභ අර්බුද කාලසීමාවට බලපැවැත්වෙන පරිදි ලබාදෙන බවය.