පියයුරු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

ගෙවුණු දශක දෙක තුළ පියයුරු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

by Sagarika Chathumali 02-10-2022 | 7:49 AM

COLOMBO (News 1st)  - සෑම දිනකම පියයුරු පිළිකා රෝගීන් 12 දෙනෙකු මෙරටින් වාර්තා වන බව, ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය, හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට පියයුරු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවය.

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ඊයේ (01)  දිනයෙන් ආරම්භ විය.

එය පාදක කරගනිමින් ප්‍රාදේශීය මට්ටමින් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමටත් හඳුනාගන්නා රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් පියවර ගැනෙනු ඇති.