.webp)
COLOMBO (News 1st) - ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ වෙරළට ඔබ්බෙන්වන ප්‍රදේශවල මුහුදුයාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
ඒ, අදාළ ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5 ත් මීටර 3 ත් දක්වා ඉහළයාම හේතුවෙනි.
ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල කටයුතු කිරීමේදී අවදානයෙන් පසුවන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 ත් 2.5 ත් දක්වා ඉහළ යා හැකියි.
ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකිවේ.