සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවසන්කිරීම ගැන විමර්ශන

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවසන් කිරීම ගැන විශේෂ විමර්ශනයක්..

by Staff writer 01-10-2022 | 9:30 AM

COLOMBO (News 1st) – ක්‍රියාත්මක වෙමින් පැවති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ඒකපාර්ශ්වීය අවසන් කිරීම පිළිබඳ විගණකාධිපතිවරවයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, කඩිනමින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ජපන් තාක්ෂණය භාවිත කරමින් කිලෝමීටර් 15.7ක දුම්රිය ස්ථාන 16 ක් ඇතුළත් කර ඉදිකිරීමට නිමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අගනුවර තදබදයට "ලාභදායී විසඳුමක්" නොවන බව පවසමින් අහෝසි කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කරනු ලැබුවේ ය.