යාපනයේ නිවසක් තුළ ගින්නකින් යුවලක් මරුට..

යාපනයේ නිවසක් තුළ ගින්නකින් යුවලක් මරුට..

by Staff writer 01-10-2022 | 1:42 PM

COLOMBO (News 1st) – යාපනය, වැල්වැටිතුරෙයි, පොලිකණ්ඩි ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ හටගත් ගින්නකින් යුවලක් මියගොස් තිබේ. 

පොලීසිය පැවසුවේ අද(01) අලුයම ගින්න හටගෙන ඇති බවය.

මියගොස් ඇත්තේ,  29 හැවිරිදි කාන්තාවක් හා 36 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය සඳහන් කළේ, කාමරය තුළ පෙට්‍රල් තිබී ඇති බවට තොරතුරු ලැබී ඇති බවය. 

නිවසේ ගින්න හටගන්නා අවස්ථාව වනවිට තවත් යුවලක් හා ඔවුන්ගේ දියණිය ද එහි සිට තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.