පෙට්‍රල් මිල පහළට..

පෙට්‍රල් මිල පහළට..

by Staff writer 01-10-2022 | 5:21 PM

COLOMBO (News 1st) - අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල ගණන් අඩු කර තිබේ.
 
ඒ අනුව, ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අඩු කර ඇත්තේ රුපියල් 40 කිනි.

ඒ අනුව එහි නව මිල රුපියල් 410 කි.

ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින් අඩු කර ඇත.

ඒ අනුව ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 510කි.  

අනෙකුත් ඉන්ධන මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මනෝජ් ගුප්තා මහතා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව මිල ගණන් අඩු කිරීමට සාපේක්ෂව තමන්ද මිල ගණන් පහළ දමන බවය.