ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 01-10-2022 | 6:39 AM

දේශීය පුවත්


 1.අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනයට එරෙහිව ෆොන්සේකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.. – අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම බල රහිත කරන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.  

2. ඇඹිලිපිටිය නගර සභා සභාපති ඇතුළු 4ක් රිමාන්ඩ්.. – පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ඇතුළු 4 දෙනෙක් ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .  

3.සැප්තැම්බර් මාසයේ ආහාර උද්ධමනය 94.9% දක්වා ඉහළට –  සැප්තැම්බර් මාසයේ ආහාර මිල ගණන්වල වැඩිවීම 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.  

4.සමෘද්ධි ඇතුළු රජයේ ආධාර අපේක්ෂකයින්ගෙන් අයැදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ– සමෘද්ධි දීමනාව ඇතුළු රජයේ අනෙකුත් සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ගෙන් අයැදුම්පත් කැඳවීමට ලබාදුන් කාලය ලබන 15 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ. 

5.හිටපු ජනපති මෛත්‍රීගෙන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් –  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අභියාචානාධිකරණය හමුවේ රීට් ආඥා පෙත්සමක් ගොනු කෙරිණ.  


විදෙස් පුවත්

1.යුක්‍රේනයේ කලාප 4ක් සිය රටට ඈඳා ගත්තා – ව්ලැඩ්මීර් පුටින් –  යුක්‍රේනයේ කලාප 4ක් නිල වශයෙන් සිය රටට ඈඳා ගනිමින්, එම කලාපවල ජනතාව රුසියානුවන් සේ සලකන බව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.