.webp)
COLOMBO (News 1st) – බුර්කිනා ෆාසෝහි හමුදා නායක ලුතිනන් කර්නල් පෝල්-හෙන්රි දමිබා බලයෙන් පහ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හමුදා කපිතාන්වරයෙකු ජාතික රූපවාහිනියෙන් ඒ බව නිවේදනය කළ බවය.
ඉස්ලාමීය ජිහාඩ් කැරැල්ලක් මැඩපැවැත්වීමට කටයුතු කිරීමට ලුතිනන් කර්නල් දමිබාට ඇති නොහැකියාව ඔහුව ඉවත් කිරීමට හේතුව බව සඳහන් ය.
දේශ සීමා දින නියමයක් නොමැතිව වසා දමා සියලු දේශපාලන කටයුතු අත්හිටුවන බව ද හමුදා කපිතාන්වරයා නිවේදනය කළේ ය.
ලුතිනන් කර්නල් දමිබා, පසුගිය ජනවාරි මායේදී කුමන්ත්‍රණයකින් බුර්කිනා ෆාසෝහී බලයට පත්විය.