ජනාධිපති මන්දිරය ගැන කළ විමර්ශනය අවසන්

9 වැනිදා ජනාධිපති මන්දිරයේ සිදුවීම් ගැන පුරාවිද්‍යා විමර්ශනය අවසන්: වාර්තාව කඩිනමින් පොලීසියට

by Staff writer 30-09-2022 | 7:00 AM

COLOMBO (News 1st) - පසුගිය ජූනි 9 වැනි දා අරගලකරුවන්ගේ ග්‍රහණයට ගත් ජනාධිපති මන්දිරය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ විමර්ශනය අවසන් කර තිබේ.

දෙපාර්තමේන්තුව පැවසුවේ, එහි වාර්තාව කඩිනමින් පොලීසියට භාර දෙන බවයි.

විමර්ශනවලදී ජනාධිපති මන්දිර ගොඩනැගිල්ලට මෙන්ම එහි තැන්පත් කර තිබූ පුරා විද්‍යාත්මක ස්මාරක හා චිත්‍රවලට හානි වූයේදැයි සොයා බැලූ බව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර අරගලකරුවන්ගේ ග්‍රහනයට පත් අරලියගහ මන්දිරයට හා අග්‍රාමාත්‍ය කාර්යාලයට හානි සිදූවූයේද යන්න පිළිබඳ පොලීසියට මේ වනවිට වාර්තා ලබා දී ඇති බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.