.webp)
සමෘද්ධි සංවර්ධන අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, එම කාලය අදින් අවසන්වීමට නියමිතව තිබූ බවයි.
වැඩි පිරිසකට රජයේ සහනාධාර සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම මෙම තීරණයේ අරමුණ බව ඔහු ප්රකාශ කළේ ය.
මේ යටතේ සමෘද්ධි, වැඩිහිටි, අබාධිත හා වකුගඩු සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ට ග්රාම නිලධාරී කාර්යාල හරහා තම අයැදුම්පත් ප්රදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කළ හැකියි.
ඒ අනුව සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී හා ග්රාම නිලධාරී යන තමන් අයත් ග්රාම නිලධාරී වසමේ ඕනෑම නිලධාරීයෙකු හරහා අයදුම්පත යොමු කළ හැකි බව ද ඔහු සඳහන් කළේ ය.
අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, දැනට රජයේ දීමනා ලබන සියලු පුද්ගලයින් ද මෙම අයැදුම්පත යොමු කළ යුතු බවයි.