මහ කන්නයේ වගාව ආරම්භ වූ ප්‍රදේශවලට යූරියා...

මහ කන්නයේ වගාව ආරම්භ වූ ප්‍රදේශවලට යූරියා...

by Staff writer 30-09-2022 | 6:36 AM

COLOMBO (News 1st) - මහ කන්නයේ වැඩ ආරම්භ කළ දිස්ත්‍රික්ක සඳහා යූරියා පොහොර යවා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල් අබේරත්න මහතා සඳහන් කළේ, යාපනය, කිලිනොච්චි ඇතුළු උතුරු පළාතේ දිස්ත්‍රික්ක වෙත යූරියා පොහොර තොග මේ වනවිට පිටත් කර හැර ඇති බවයි.

අම්පාර, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා පොහොර තොග යැවීමට පියවර ගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

වී ගොවින්ට කිලෝග්‍රෑම් 50 පොහොර මිටියක් රුපියල් 10,000 කට නිකුත් කෙරෙනු ඇති.

පළමු අදියරේදී ලබා දෙන්නේ හෙක්ටෙයාරයකට පෙහොර කිලෝග්‍රෑම් 33 ක් පමණි.

මේ අතර බඩ ඉරිඟු වගා කෙරෙන දිස්ත්‍රික්ක 5 ක් සඳහා ද යූරියා පොහොර බෙදා හැරීම ‍මේ වනවිට ආරම්භ කර ඇත.

ඒ අනුව අනුරාධපුර, මොනරාගල, අම්පාර, බදුල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල බඩ ඉරිඟු ගොවීන්‍ට පෙහොර ලබාදීමට නියමිතයි.‍

කිලෝග්‍රෑම් 50 යූරියා පොහොර මිටියක් රුපියල් 15,500 ක මිලකට බඩ ඉරිඟු ගොවීන්ට නිකුත් කරන බව ද ‍ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ ය.