.webp)
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇත.
කාන්තාවගේ අත්බෑගය කොල්ලකෑම වැළැක්වීමට ගිය 29 හැවිරිදි රසික විනෝද් ප්රනාන්දු නමැති තරුණයෙකු පසුගිය දා ගම්පහ පහළගමදී පිහිඇනුමකින් ජීවිතක්ෂයට පත් විය.
එලෙස පිහි ඇනුමෙන් මියගියේ රාජ්ය බැංකුවක සේවය කරන තරුණයෙකි.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊයේ රාත්රී ගම්පහ මදුරුවිට ප්රදේශයට ගොස් තිබූ අතර එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම අවස්ථාවේ පොලීසිය කළ වෙඩි තැබිමෙන් සැකකරු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ, ජනක ලසන්ත නමැති ගනේමුල්ල කොස්ඕවිට ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මත්ද්රව්යා ජාවාරම්කරුවෙකු බවත් ඔහු බිරිඳ සමග ගම්පහ පහලගම ප්රදේශයේ කාන්තාවගේ අත්බෑගය කොල්ලකෑමට පැමිණි තිබූ බවත් පොලිසිය පැවසී ය.
බිරිඳ ද මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ.