ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 30-09-2022 | 6:02 AM

1. පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පතක් බවට නිගමනය කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.. : පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත රට හමුදාකරණයකට ඇද දමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පතත් බවට නිගමනය කරන්නැයි ඉල්ලා නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේ ය.

2. කොළඹ සිට මහනුවරට සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක්: කොළඹ සහ මහනුවර අතර, විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක් හෙට (01) සිට ආරම්භ වේ. 

3. මෙරටට අවශ්‍ය යූරියා සැපයීමට ඉරානයේ එකඟතාව..: මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළකට ඉරානය සිය එකඟත්වය පළ කළේ ය. 

4. ඉන්ධන නෞකා මෙරට මුහුදු සීමාවේ, පෙට්‍රල් නැවකට මුදල් ගෙවීම අද: තවත් පෙට්‍රල් නෞකාවකට ඊයේ (29) මුදල් ගෙවීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි. 

5. 22 ලබන සතියේ විවාදයට: 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 6 සහ 7 විවාදයට ගැනීමට තීරණය කර තිබේ.