දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සරසවියක් මෙරට පිටුවන්න – ජනපති ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලයි..

කර්තෘ Staff writer

30 Sep, 2022 | 5:06 pm

COLOMBO (News 1st) –  දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවට යෝජනා කර තිබේ. 

ඒ, එම බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා හමුවූ අවස්ථාවේදී ය.

පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේදී මෙම හමුව සිදුවිය. 

එහිදි ජනාධිපතිතුමා පසුගිය කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබාදුන් හදිසි ආධාර පිළිබඳව සභාපතිවරයා වෙත ස්තූතිය පුද කර තිබේ. 

ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා පවසා තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා දැනුවත් කර තිබේ. 

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]