මෙරටට අවශ්‍ය යූරියා සැපයීමට ඉරානයේ එකඟතාව..

මෙරටට අවශ්‍ය යූරියා සැපයීමට ඉරානයේ එකඟතාව..

by Staff writer 29-09-2022 | 7:12 PM

COLOMBO (NEWS1ST): මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළකට ඉරානය අද(29) සිය එකඟත්වය පළ කළේ ය. 

ඒ, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා හා අමාත්‍ය මහින්ද අමරවීර අතර අද පැවති සාකච්ඡාවකදී ය.

සාකච්ඡාවේදී යූරියා පොහොර අවශ්‍යතාවය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වගාවට අවශ්‍ය යූරියා පොහොර සපයා ගැනීමට සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ  ය.

ඒ සම්බන්ධව අදහස් පළ කළ ඉරාන තානාපතිවරයා ඉදිරි කාලය තුළ රජයකින් රජයකට ලබා දෙන ක්‍රමයට යූරියා පොහොර ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළ බව, අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ඊට අදාළ මූලික වැඩපිළිවෙළ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කළ යුතු බව ද තානාපතිවරයා පෙන්වා දී තිබේ. 

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ලබන වසරට අවශ්‍ය යූරියා පොහොර ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවය.