මැතිවරණ කොමිසම සහ අගමැති අතර සාකච්ඡාවක්

මැතිවරණ කොමිසම සහ අගමැති අතර සාකච්ඡාවක්

by Staff writer 29-09-2022 | 6:16 AM

COLOMBO (News 1st) - උදෑසන 9.00 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (29) පැවැත්වේ.

ඉදිරි මැතිවරණය පැවැත්වීම පිළිබඳව සහ එහි කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ලක් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසී ය.

ඔහු සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව ලැබුණු බවයි.

එළඹෙන වසරේ මාර්තු 20 වැනි දාට පෙර පළාත් පාලන ඡන්දය පැවැත්වීම ජාතික මැතිවරණ කොමිසන් සභාවේ අරමුණයි.

මේ අතර ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීමට නම් මැතිවරණයක් කැඳවිය යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ඊයේ අවධාරණය කළේ ය.