පොලිස් ස්ථානාධිපතිවරු 23 කට ස්ථාන මාරු

පොලිස් ස්ථානාධිපතිවරු 23 කට ස්ථාන මාරු

by Staff writer 29-09-2022 | 10:56 AM

COLOMBO (News 1st) - පොලිස් ස්ථානාධිපතිවරුන් 23 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ඔවුන් පොලිස් ස්ථානවල වෙනත් රාජකාරි සඳහා යොදාවා ඇති බවයි.

පොලිස්පතිවරයාගේ නියෝග අනුව ඔවුන්ට ඊයේ (28) දිනයේ ස්ථාන මාරුවීම් ලබාදී ඇත.