.webp)
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, නීතීපතිවරයායි.
නීතීඥ මංජුල බාලසුරිය මහතා මගින් එම පෙත්සම ගොනුකර තිබුණි.
රටේ ජනතාව සතු අධිකරණ බලය අධිකරණමය නියෝගයකින් තොරව එම කාර්යාංශය වෙත පැවරෙන කෙටුම්පත සම්මත වුවහොත් අධිකරණ බලය සොරා ගැනිමකට ලක්වන බව පෙත්සමෙන් පෙන්වාදී තිබේ.
එහි දැක්වෙන්නේ, නොමගගිය සටන්කරුවන් පුනරුත්ථාපන කිරීම යැයි පූර්විකාවේ සඳහන් වුවත්, ඊට නිශ්චිත නිර්වචනයක් ඇතුළත්කර නොතිබීම නිසා පසුගිය සමයේ අයුතු ක්රියාදාමයට එරෙහිව අරගලයක නිරතව සිටි පිරිස වුවද හමුදාව යොදවා පුනරුත්ථාපනය කිරිමේ බලය ලැබෙනු ඇති බවයි.
ජනතාවගේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහස මෙන්ම සාමකාමීව විරෝධතා දැක්වීමේ නිදහස සම්පුර්ණයෙන්ම පාහේ මර්ධනය කර අහිමිකරන එම කෙටුම්පත නීතියක් බවට පත්කරන්නේනම් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.