ගල් අඟුරු ටෙන්ඩරය නිකුත් කිරීම ලබන සතියේ

ගල් අඟුරු ප්‍රසම්පාදනයට දීර්ඝ කාලින ටෙන්ඩරය නිකුත් කිරීම ලබන සතියේ - කංචන විජේසේකර

by Staff writer 29-09-2022 | 11:02 AM

COLOMBO (News 1st) - ගල් අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් අනුව සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

ඔහු නිකුත් කළ ටුව්ටර් පණිවුඩයක් දැක්වෙන්නේ, ලංකා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති එම සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට ඒ සඳහා සහභාගී විය හැකි බවයි. 

අවම දින 180 ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කළ යුතු බව එහි සඳහන් ය.

දීර්ඝ කාලින ටෙන්ඩරය ද එළඹෙන සතියේ නිකුත් කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ය.