උහන ප්‍රදේශයේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9කට හානි

උහන ප්‍රදේශයේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9කට හානි

by Staff writer 29-09-2022 | 8:50 AM

COLOMBO (News 1st) - අම්පාර, උහන බණ්ඩාරදූව ප්‍රදේශය හරහා ඊයේ (28) පස්වරුවේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9  කට පමණ හානි සිදුව තිබේ. 

ආපදා කළමනාකරණ ඒකකයේ අම්පාර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.ඒ.සී.එම් රියාස් මහතා සඳහන් කළේ, පුද්ගලයින් 19 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත රඳවා ඇති බවයි. 

විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන්, බණ්ඩාරදුව ප්‍රදේශයේ විදුලිය සැපයුම ද බිඳ වැටී ඇත.

සබරගමුව පළාතේ මෙන්ම මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි බවයි. 

ඌව පළාත සහ අම්පර, මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.