.webp)
COLOMBO (NEWS1ST): තවත් පෙට්රල් නෞකාවකට අද(29) මුදල් ගෙවීමට කටයුතු කරන බව, ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි.
එම සංස්ථාව සඳහන් කළේ, ඊයේ මෙරටට ළඟා වූ පෙට්රල් රැගත් නෞකාවකට එලෙස මුදල් ගෙවීමට පියවර ගන්නා බවයි.
ඊට අමතරව මෙරටට ළඟා වී ඇති ඩීසල් නෞකාවකට ලබන සතිය තුළ ගෙවීම් කිරීමට කටයුතු කරන බව ද, සංස්ථාව සඳහන් කළේ ය.
අදාළ නෞකාව මෙරටට පැමිණ ඇත්තේ, මීට දින 10 කට පෙරයි.
මේ අතර, බොරතෙල් රැගෙන පසුගිය 20 වැනිදා මෙරටට පැමිණි බොරතෙල් නෞකාවකට ද, නව ක්රමවේදයක් යටතේ, මුදල් ගෙවීමට සැලසුම් කරමින් ඇතැයි ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාන සඳහන් කළේ ය.