කෝටි 5ක කොකේන් සමග විදේශිකයෙක් රේගු භාරයට

කෝටි 5ක කොකේන් සමග විදේශිකයෙක් රේගු භාරයට

කෝටි 5ක කොකේන් සමග විදේශිකයෙක් රේගු භාරයට

කර්තෘ Staff writer

29 Sep, 2022 | 7:02 am

COLOMBO (News 1st) – රුපියල් කෝටි  5ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ගිල මෙරටට පැමිණි  උගන්ඩා ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ, උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා මෙරටට පැමිණි වයස අවුරුදු 43 හැවිරිදි සැකකරුවෙකි. 

සැකකරු කොකේන් ගුලි 80 ක් පමණ ගිල දමා ඇති අතර මේ වනවිට කොකේන් ගුලි 17 ක ශරීරයෙන් ඉවතට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරදුන් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]